Friday, February 1, 2013

ඇය


ඇය 

මා හදට Enter
 කල පෙම් වදන්
 Copyකර  Paste කරයි
Edit නොකරම ඔහු හදටත්...

ගිහාන් සසංක [2012/01/08 පන්නරය_ඉරිදා ලංකාදීප

Monday, November 26, 2012

ගිනි

         ගිනි

නැති උනත් යුද ගිනි
දැනෙනවා කුසගිනි
ගත් නමුත් රටම ගිනි
දැන් සැමට ලැම්බොගිනි.....

ගිහාන් සසංක..
 [2012/12/09 පන්නරය_ඉරිදා ලංකාදීප]

Wednesday, November 21, 2012


                             Our life cycle after O/L

සතියේ දින පහම අපි රිවිශන්                                       යනවා
මහ රෑ අවිත් තව පොත් පත්                                    කියවනවා
කොහොමෙන් කොහොම හරි AL                     ගොඩ යනවා
ලෝකෙම දිනුව සේ අපි Campus                                යනවා

අලුතෙන් set  එකක් සමගින් set                              වෙන්නේ
පලවෙනි මාස හය හොඳටම rag                              වෙන්නේ
Campus life පට්ටම fun                                         අර ගන්නේ
එකමුතුකමේ ලොකු හයියක් රැව්                              දෙන්නේ

අලුතෙන් එන නැවට හොඳ හැටි rag                        දෙන්නේ
පොඩි උන් අතර ලොකු පොරවල්                     බිහිවෙන්නේ
හොඳ හොඳ තෙල් ගසා කෙල්ලන්                      අල්ලන්නේ
එලෙසින් තමයි අය්යල                               ගොඩ යන්නේ

දැන් දැන් Academic  වැඩ බර වැඩි                       වෙන්නේ
කොච්චර දැගලුවත් නැහැ වැඩ                        නිමවෙන්නේ
 Campus life දැන් ටික ටික ඇති                             වෙන්නේ
කවදද මචෝ මේ ජරමර                                   නිමවෙන්නේ

තවනම් බෑ මචෝ ඇතුලට වී                                        ඉන්න
විදිහක් බලපන්කො මෙතනින්                            ගැලවෙන්න
කීයක් හරි හොයන් ජීවිතෙ                                  ගෙනියන්න
කවදා හැකිවෙයිද මගුලක්                                       කරගන්න


යන්තන් ඉවර උනි දුක්බර                                      කාලේ
කෝ බන් ජොබක් ඔය කියනා නව                             තාලේ
Campus නොගිය උන් ජීවත් වෙන                               තාලේ
උන්ගේ wife ලා දැන්                                         ඉස්පිරිතාලේ

පඩියක් ලැබුනමුත් අත සතයක්                                     නැතිය
බලපන් මචෝ දැන් මට වයසත්                                      තිහය
ගේ දොර හදා නිමවෙනකොට                                  තිස් පහය
ආයුශ උනත් දැන්නම් උපරිම                                         හැටය

ගිහාන් සසංක..





Tuesday, November 13, 2012

ප්‍රමාදය


ප්‍රමාදය

පොහොට්ටුව කාලෙ
දැනුනනම්....
පීදුනු පසු
මල් රේනු මෙතරම්
රලු වෙන වග....

ගිහාන් සසංක [2006/02/19 පන්නරය_ඉරිදා ලංකාදීප]

Monday, November 12, 2012

සරසවි ප්‍රේමය

සරසවි ප්‍රේමය

අතින් අත ගෙන දොඩා පෙම් බස්
තැනූ මාලිග බිදී අවසන
ගෙනා යෝජිත විවාහයකට
පුදා ඇගෙ සිත
ගියා මා හැර.......

ගිහාන් සසංක [2010/10/17 පන්නරය_ඉරිදා ලංකාදීප]